ගල්කිස්සේ වෙඩි තැබීමක්..!
ගල්කිස්ස ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 36 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසිනි.
එම පිරිස, අදාල පුද්ගලයා නිවසින් පිටතට කැදවාගෙනගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩිතැබීමට ලක්වූ පුද්ගලයා කලුබෝවිල මහරෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.