ගල් අඟුරුටික පරිස්සම් කර ගැනීම සදහා නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද සිට අක්‍රීය කරයි.

0
206

ගල් අඟුරුටික පරිස්සම් කර ගැනීම සදහා
නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක්
අද සිට අක්‍රීය කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් අද සිට වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පවතින ගල් අගුරු තොග කලමණාකරණය කර ගැනීම සදහා මෙසේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ගල් අගුරු බලාගාරය අක්‍රීය කිරීමෙන් අඩුවන විදුලි ධාරිතාව කෙළවරපිටිය තාප විදුලි බලාගාරයෙන් සම්පූර්ණ කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන බවත් එහිදී දෛනික රුපියල් මිලියන 228 අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් දෙරණ මාධ්‍ය වාර්තා කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 1 =