ගාල්ලේදී වෙඩි තබා
ඝාතනය කර තිබෙන්නේ
රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමා..!
මෙතෙක් කිසිදු සැකකරුවෙකු
අත්අඩංගුවට ගෙන නෑ..!
ඊයේ දිනයේ ගාල්ලේ දී වෙඩි තබා ඝාතනය කරන ලද ඇගළුම් ව්‍යාපාරිකයා, විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා වන ඩී.වී. චානකගේ මාමණ්ඩිය බව වාර්තා වේ.
අදාල ව්‍යාපාරිකයා ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී වෙඩික්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණු අතර, ඔහු, රියැදුරු අසුන මතම මියගොස් සිටි බව වාර්තා විය.
කෙසේ වෙතත්, අදාල ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැත.