ගාලුමුවදොර පිටිය
දේශපාලන රැස්වීම් සහ සංගීත සංදර්ශන
සදහා තහනම්..!
ගාලුමුවදොර පිටිය, දේශපාලන රැස්වීම් සහ සංගීත සංදර්ශන හෝ වෙනත් එවැනි උත්සව සදහා ලබා නොදීමට රජය තීන්දු කර තිබේ.
මෙය, අප්‍රේල් මස 20 වන දා සිට බලාත්මකය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීමේ කටයුතු භාරගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මේ දක්වා වරාය අධිකාරිය වැය කර තිබෙන මුදල රුපියල් මිලිය 220 ක් වන බව පැවසේ.
පසුගිය වසරේ මහජන අරගලය පැවති සමයේ දී, අරගලය හේතුවෙන් ගාලුමුවදොර පිටියට සිදු වූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 6.6 ක මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.