ගාසා තීරයට අඛණ්ඩ රොකට් ප්‍රහාර. දෙපාර්ශ්වයෙන්ම මියගිය පිරිස 1600 ඉක්මවා යයි.

0
700

ගාසා තීරයට
අඛණ්ඩ රොකට් ප්‍රහාර.
දෙපාර්ශ්වයෙන්ම මියගිය පිරිස
1600 ඉක්මවා යයි.

ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයට අඛණ්ඩ රොකට් ප්‍රහාර එල්ලකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාධ්‍ය වාර්තාකරන ආකාරයට, ප්‍රහාර එල්ල වන්නේ හමාස් සංවිධානයේ ඉලක්ක වෙත නොව, සාමාන්‍ය සිවිල් වැසියන් ජීවත් වන ප්‍රදේශ ඉලක්ක කරගෙන යි.

ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වනවිට, ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජාතිකයන් හත්සියයකට වඩා වැඩිපිරිසක් මියගොස් ඇති අතර, මියගිය ඊශ්‍රායල් ජාතිකයන්ගේ සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් ඇති බව පැවසේ.

ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීන ජාතිකයන් අතර, පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකුද සිටියි.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් ජාතිකයන් සියයත් එකසිය පනහත් අතර පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × five =