ගාසා තීරයට ඉන්ධන නෑ..!

0
196

ගාසා තීරයට ඉන්ධන නෑ..!
ජෙනරේටර් අක්‍රීය වුවහොත්
ඉන්ක්‍යුබේටර්වල සිටින ළදරුවන් 120 ක් සහ
අළුත උපන් නොමේරූ ළදරුවන් 70 කගේ
ජීවිත විනාශයි..!


හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා, ගාසා තීරයට ඉන්ධන ලැබී නැති බැවින්, මාතෘ හා ළමා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ළදරුවන් රැසකගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා, ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ විස්සක් පැමිණියද, මේ දක්වා ඔවුන්ට ඉන්ධන ලැබී නැත.

රෝහල් සදහා විදුලිය සපයන ජනන යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන නොලැබුනහොත්, මේ වන විට ඉන්ක්‍යුබේටර් තුළ ප්‍රතිකාර ලබමින් සිටින අළුත උපන් දරුවන් 120 කගේ ජීවිත සහ තවත් අළුත උපන් නොමේරු ළදරුවන් හැත්තෑවකගේ ජීවිත රැක ගැනීමට නොහැකි වනු ඇති බව එකී රෝහල්වල වෛද්‍යවරු උපුටා දක්වමින් බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

එක් රෝහල් වාට්ටුවක සති තිස් දෙකක් වයස දරුවකු ප්‍රතිකාර ලබමින් සිටියි. එම ළදරුවගේ මව ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර, වෛද්‍යවරු, මවගේ කුස තුළ සිටි ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබේ. එම ළදරුවාගේ මව මෙන්ම ඔහුගේ පවුලේ අනෙකුත් සියළු සාමාජිකයන්ද මේ වනවිට මියගොස් ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + eleven =