ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් ළමුන් 724ක් ඇතුළුව පලස්තීන වැසියන් 2329 ක් මිය යති.

0
147

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින්
ළමුන් 724ක් ඇතුළුව
පලස්තීන වැසියන් 2329 ක් මිය යති.

ගොඩබිම් මෙහෙයුම් සදහා
ඊශ්‍රායල හමුදා ගාසා තීරය වටලති.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයට පසුව, ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන්, මේ වන විට ළමුන් 724 ක් ඇතුළුව පලස්තීන වැසියන් 2329 දෙනෙකු මියගොස්, තවත් 9700 ක් පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර හේත-වෙන් ඊශ්‍රායල වැසියන් 1300 ක් පමණ මියගොස් තිබේ.

ඊශ්‍රායලය පසුගිය දා, උතුරු ගාසා තීරයේ වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස නියෝග කළ අතර, එම නියෝගයට අනුව, මේ වන විට දස දහස් ගණනක පලස්තීන වැසියන් පිරිසක්, දකුණු ගාසා තීරය බලා පැමිණෙමින් සිටිති.

කෙසේ වෙතත්, තවමත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර නැවතී නැත.

උතුරු ගාසා තීරය අතහැර දකුණට පැමිණෙන පලස්තීන වැසියන්ද ගුවන් ප්‍රහාරවලට ගොදුරු වේ.

ගාසා තීරයේ උ.ුරු ප්‍රදේශයේ පලස්තීන වැසියන් ලක්ෂ 11 ක් පමණ ජීවත් වන අතර, ඉවත් වීම සදහා ඔවුන්ට ලබා දී තිබෙන පැය විසි හතරක කාල සීමාව මේ වන විටත් අවසන් ය.

ඒ අනුව, ගොඩබිම් මෙහෙයුම් දියත් කිරීම සදහා, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මායිම්වල ස්ථානගත කර තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ සහාය වෙනුවෙන්, ඇමරිකානු එක්සත් ජනපදයද, ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මධ්‍යධරණී මුහුදට එවා තිබේ.

පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය දියත් කර තිබෙන ආක්‍රමණය වහා නවතන ලෙස ඉරානය ඊශ්‍රායලයට දැනුම් දී ඇති අතර, එසේ නොවුණහොත් දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ඊශ්‍රායලයට සිදුවනු ඇති බවට අනතුරු හැගවීමක්ද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + seven =