“ගාසා තීරයට වහා සටන් විරාමයක් අවශ්‍යයි..!”
යුනිසෙෆ්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ
ලෝක ආහාර වැඩසටහන ඇතුළු
සංවිධාන 18 ක් එක හඩින් ඉල්ලති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ස්වේච්ඡා සංවිධාන 18 ක්, ගාසා තීරය සදහා වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටියි.
අදාල සංවිධාන දහ අට තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර වැඩසටහන සහ යුනිසෙෆ් සංවිධානය යන ආයතන ද පවතී.
“ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබේ. මේ වන විට ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයම වටලෑමකට ලක්ව සිටියි. ජනතාවට ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය සියල්ල සදහා ප්‍රවේශය වලක්වා තිබේ. පලස්තීන ජනතාවගේ නිවාස, ඔවුන්ගේ රෝහල් සහ ආගමික සිද්ධස්ථාන යන සියල්ලටම බෝම්බ හෙලමින් පවතින අතර, මෙය කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ”
සන්විධාන දහඅටක ප්‍රධානීන් අත්සන් තබන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ සදහන් වේ.