“ගාසා තීරයට විදුලිය ආහාර සහ වෛද්‍ය පහසුකම්
අත්හිටුවමින් ඊශ්‍රායලය මේ කරන්නේ යුද අපරාධයක් නොවේද..?”
මාධ්‍යවේදියා අසයි.
“ඔවුන්ට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ
අයිතියක් ඊශ්‍රායලට තිබෙනවා.”
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව.
පලස්තීන සිවිල් වැසියන් පීඩාවට පත් කරමින්, ඊශ්‍රායලය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජනපදය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ඊයෙ පැවති එක්සත් ජනපදන රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවේ දී දැඩි විවේචනයට ලක් විය.
ගාසා තීරයට විදුලිය, ආහාර සහ වෛද්‍ය පහසුකම් වලක්වමින් ඊශ්‍රායලය මේ කරමින් සිටින්නේ යුද අපරාධයක් නොවේදැයි, මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට, රාජ්‍ය දෙපාර්තf්ම්න්තු ප්‍රකාශකයා පවසා සිටියේ, ඔවුන්ට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් ඊශ්‍රායලයට තිබෙන බවයි.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුද ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින නිරායුධ සිවිල් වැසියන් සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව, ඊශ්‍රායල නීති සම්පාදකයන්ගේ උද්දච්ඡ ප්‍රකාශ හෙලා දැකීමට ඇමරිකාව කටයුතු නොකිරීමද මාධ්‍ය වේදීන් ප්‍රශ්න කර සිටියේ ය.
රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතීන්ට අනුකූලව කටයුතු කරනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තු වන බවයි.