“ගාසා තීරයේ කාන්තාවන් සහ දරුවන් ඝාතනය කිරීම වහා නවතනු..!” ප්‍රංශ ජනාධිපති ඊශ්‍රායලයට කියයි.

0
186

“ගාසා තීරයේ කාන්තාවන් සහ
දරුවන් ඝාතනය කිරීම වහා නවතනු..!”
ප්‍රංශ ජනාධිපති
ඊශ්‍රායලයට කියයි.

බෝම්බ හෙලා කාන්තාවන් සහ දරුවන් ඝාතනය කිරීම ඊශ්‍රායලය වහා නැවැත්විය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසයි.

බී.බී.සී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා තමන් තරයේ හෙළා දකින බව පවසා තිබෙන ප්‍රංශ ජනාධිපතිවරයා, ඒ නමුත්, ඊශ්‍රායලය ගාසා තීරයට සිදු කරන බෝම්බ හෙලීම සාධාරණීය කරන කළ නොහැකි බව පවසයි.

වහා සටන් විරාමයකට යා යුතුව ඇතැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා, මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ඊශ්‍රායලයට අවධාරණය කර තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වා ඇති ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ප්‍රංශය කළ යුත්තේ හමාස් සංවිධානය හෙලා දැකීම මිස, ඊශ්‍රායලය හෙලා දැකීම නොවන බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + ten =