ගාසා තීරයේ ගෙවුණු දින 17 තුළ දරුවන් දෙදෙහසක් මරා දාලා..! තවත් දරුවන් දහස් ගණනක් මරණයේ දොරකඩ..!

0
322

ගාසා තීරයේ
ගෙවුණු දින 17 තුළ
දරුවන් දෙදෙහසක්
මරා දාලා..!
තවත් දරුවන් දහස් ගණනක්
මරණයේ දොරකඩ..!

ගාසා තීරයට වහා සටන් විරාමයක් අවශ්‍ය බව සහන කණ්ඩායමක් පවසයි.

ඊට ප්‍රධාන හේතුව, යුද්ධය දරුවන් විශාල ප්‍රමාණයක ජීවිත මේ වන විටත් බිලිගෙන තිබීමයි.

ගෙවුණු සති කිහිපය තුළ, අවම වශයෙන් ගාසා තීරයේ දරුවන් දෙදෙහසකට ආසන්න පිරිසක් මරාදමා ඇති බව එක් සහන කණ්ඩායමක් උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර සිටියි.

ඊට අමතරව, ගාසා තීරයට අවශ්‍ය ඉන්ධන සැපයීම ඊශ්‍රායලය විසින් අවහිර කර ඇති බැවින්, රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින තවත් දරුවන් විශාල ප්‍රමාණයකගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවද සහන කණ්ඩායම් පවසයි.

දරුවන් මිලියනයක පමණ ප්‍රමාණයක්, ගාසා තීරය තුළ අනාරක්ෂිතව කොටු වී ඇතැයි, සේව්ද චිල්ඩ්රන් සංවිධානය ද පවසයි.

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යන ලද දෙසීයකට වඩා වැඩි පිරිසෙන් සිව් දෙනෙකු මේ වන විට මුදා හැරීමට ඔවුන් කටයුතු කර තිබේ.

ඒ නමුත්, හමාස් සංවිධානය සමග සටන් විරාමයකට යෑම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 7 =