ගාසා තීරයේ ගෙවෙන සෑම පැයකදී ම, 15 ක් මිය යති. ඉන් 06 ක් දරුවන් ය. 35 ක් තුවාල ලබති. බෝම්බ 42 ක් හෙළනු ලබයි. ගොඩනැගිලි 12 ක් විනාශ වේ.

0
113

ගාසා තීරයේ ගෙවෙන සෑම පැයකදී ම,
15 ක් මිය යති. ඉන් 06 ක් දරුවන් ය.
35 ක් තුවාල ලබති.
බෝම්බ 42 ක් හෙළනු ලබයි.
ගොඩනැගිලි 12 ක් විනාශ වේ.

ගාසා තීරයේ සෑම තත්ත්පරයක්ම මාරාන්තික බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ දිනයේ දී විශේෂ වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, බිහිසුණු සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් ඔවුන් හෙළි කර තිබුණු.
ඒ අනුව, ගාසා තීරයේ සෑම පැයකටම පුද්ගලයන් පහළොස් දෙනෙක් මිය යති.

පැයක් තුළ මියයන අයගෙන් හයක් දරුවන් ය. වෙනත් ආකාරයකට කියන්නේ නම්, සෑම මිනිත්තු දහයකටම සැරයක් පලස්තීන දරුවකු මරා දැමීමට ලක් වේ.

පැයක් තුළ ඊශ්‍රායල හමුදා බෝම්බ 42 ක් හෙළනු ලබන අතර, පැයක දී තුවාල ලබන පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 35 කි.
ඊශ්‍රායල බෝම්බ හේතුවෙන් සෑම පැයක දී ම පලස්තීන ගොඩ නැගිලි 12 ක් විනාශයට පත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 1 =