ගාසා තීරයේ ඝාතන සංඛ්‍යාව 9770 දක්වා ඉහළට. ඉන් 4880 ක් දරුවන්.

0
93

ගාසා තීරයේ ඝාතන සංඛ්‍යාව
9770 දක්වා ඉහළට.
ඉන් 4880 ක් දරුවන්.


හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට පහර දීම සිදු කළ ඔක්තෝබර් මාසයේ හත් වන දා සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 9,770ක් මියගොස් 26,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මියගිය 9770 ක පිරිස අතරෙන්, 4,880 ක් දරුවන් ය.

මීට අමතරව, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් බටහිර ඉවුරේ තවත් එකසිය පනස් දෙදෙනෙකු මියගොස් තිබේ.

හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන්, ගැටුම් ආරම්භ කළ දා සිට අද දිනය දක්වා ඊශ්‍රායල වැසියන් 1405 ක් මියගොස්, පන්දහස් හයසිය දෙනෙකු තුවාල ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − twelve =