“ගාසා තීරයේ ප්‍රධාන රෝහල අමු සොහොනක් බවට පත් වෙමින් තිබේ…! මෘතදේහ ඉවත් කරන්නවත් ඊශ්‍රායල හමුදා ඉඩ දෙන්නෑ..!” ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

0
13

“ගාසා තීරයේ ප්‍රධාන රෝහල
අමු සොහොනක් බවට පත් වෙමින් තිබේ…!
මෘතදේහ ඉවත් කරන්නවත්
ඊශ්‍රායල හමුදා ඉඩ දෙන්නෑ..!”
ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ගාසා තීරයේ ප්‍රධානතම රෝහලවන අල් ෂීෆා රෝහල, මේ වනවිට අමු සොහොනක් බවට පත් වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අල් ෂීෆා රෝහල, ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටා තිබේ.

මෙම රෝහල් පරිශ්‍රය හරහා, හමාස් සංවිධානයේ භූගත උමං ජාලයේ පාලන කටයුතු මෙහෙයවන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

මෙම චෝදනා රෝහල් බළධාරීන් මෙන්ම හමාස් සංවිධානයද ප්‍රතික්ෂේප කර තිබේ.

රෝහල් පරිශ්‍රය තුළ මිය ගිය පුද්ගලයන් රැසකගේ මෘත දේහ පවතින බවත්, එම මෘත දේහ භූමදාන කටයුතු සදහා රැගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක වන ක්‍රිස්ටියන් ලිඩ්මියර් පවසයි.

රෝහල තුළ මළ සිරුරු ගොඩ ගැසී ඕජස් ගලන තත්ත්වයක් උදා වී ඇතැයි, අල් ෂීෆා රෝහලේ වෛද්‍යවරු ද පවසති. ඉබාගාතේ යන බල්ලන් මළ සිරුරු බුදීම සදහා රෝහල් පරිශ්‍රයට ඇතුළු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලිය විසන්ධි වී ඇති නිසා, ඉන්ක්‍යුබේටර්වල තබා ආරක්ෂා කරගත යුතු දරුවන් විශාල ප්‍රමාණයකගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බව පවසන රෝහල් බළධාරීන්, මේ වනවිටත් ඔක්සිජන් නොමැතිව දරුවන් හත් දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =