ගාසා තීරයේ සිදුකරන මිනිස් ඝාතන වැලැක්වීමට කටයුතු නොකිරීමට විරෝධය පා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි.

0
503

ගාසා තීරයේ සිදුකරන
මිනිස් ඝාතන වැලැක්වීමට
කටයුතු නොකිරීමට විරෝධය පා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ
ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි.


ගාසා තීරයේ සිදුකරන මහා මිනිස් ඝාතනය වැළැක්වීමට කටයුතු නොකිරීමට විරෝධය පා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“නැවත වතාවක් මහා ජන සංහාරයක් අපේ ඇස්පනා පිට දිග හැරෙමින් තිබේ… නමුත්, එය වැළැක්වීමට අප සේවය කරන සංවිධානයට නොහැකි බව පෙනේ..!” සිය ඉල්ලා අස්වීම, එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වෙත යොමු කරමින් ක්‍රේග් මොකිබර් පවසා තිබේ.

රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රිකයන් ඝාතනය කළ අවස්ථාවේදීත්, බොස්නියාවේ මුස්ලිම්වරු, යේමනයේ යසිඩිවරුන් සහ මියන්මාරයේ රොහින්ග්‍යාවරු ඝාතනය කළ අවස්ථාවේ දීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක් වූ මීට සමාන ප්‍රතිචාරය ඔහු දැඩිව හෙලා දැක තිබේ.

එමෙන්ම ගාසා තීරයේ සිදුවන මිනිස් ඝාතන සාධාරණීකරණය කරමින් වාර්තාකරණයේ යෙදෙන බටහිර මාධ්‍ය ආයතන ද ක්‍රේග් මොකිබර් දැඩිව විවේචනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − one =