ගාසා තීරයේ සිදුවන ඝාතන සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ මුනිවත ජනපති රනිල් දැඩිව හෙලා දකියි..!

0
111

ගාසා තීරයේ සිදුවන ඝාතන සම්බන්ධයෙන්
මානව හිමිකම් කවුන්සිලයේ මුනිවත
ජනපති රනිල් දැඩිව හෙලා දකියි..!

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් එක් ආකාරයට සලකමින්, ශ්‍රීලංකාව සම්බන්ධ කාරණයේ දී වෙනත් ආකාරයක විනිශ්චයක් ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බව, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවසයි.

එබැවින්, ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයේ දී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයා, එවිට පමණක් ශ්‍රී ලංකාව පිළිතුරු ලබා දෙන බවද පවසයි.

එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (03) පස්වරුවේ එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =