“ගාසා තීරයේ සිදු කරන ඕනෑම ආක්‍රමණයක් විශාල අත්වැරැද්දක් වනු ඇත..!” ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට අනතුරු හගවයි.

0
155

“ගාසා තීරයේ සිදු කරන ඕනෑම ආක්‍රමණයක්
විශාල අත්වැරැද්දක් වනු ඇත..!”
ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට අනතුරු හගවයි.

ගාසා තීරයේ සිදුවන ඕනෑම ආක්‍රමණයක් විශාල අත්වැරැද්දක් වනු ඇතැයි, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමිනි.

ගාසා තීරයේ ජීවත් වන පලස්තීන වැසියන්ට ඉන් පිටව යාමට සහ ආධාර කිරීමට අවශ්‍ය මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීමට තමන් මැදිහත් වූ බවද මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ජෝ බයිඩ්න් පවසා තිබේ.

කෙසේ වෙතත්, පසුගිය ඔක්තෝබර් හත් වන දා, ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් හදිසි ප්‍රහාරයක් එල්ල කළ හමාස් ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දැමිය යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර, ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින ඉරානය පවසා ඇත්තේ, පලස්තීනට එරෙහිව එල්ල වන ප්‍රහාර තව තවත් දරුණු වේනම්, නිරීක්ෂකයෙකු ලෙස තව දුරටත් බලා සිටීමට ටෙහෙරානයට නොහැකි බවයි.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් අල් ජසීරා රූපවාහිනිය සමග එසේ පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − sixteen =