“ගාසා තීරයේ සිදු කරන
යුද අපරාධ වහා නවත්වන්න..!
නැතිනම් බිහිසුණු ප්‍රතිවිපාකයන්ට
මුහුණ දෙන්නට වේවි..!”
ඉරානය ඊශ්‍රායලයට අනතුරු හගවයි.
ඉරානය යුද්ධයට මැදිහත් වුණොත්,
රුසියාවේ සහ චීනයේ සහාය ඉරානයට..!
ගාසා තීරයේ සිදුකරන යුද අපරාධ වහා නවත්වන ලෙසත්, එසේ නොවුනහොත්, දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ඊශ්‍රායලයට සිදුවනු ඇති බවටත් ඉරානය අනතුරු හගවා තිබේ.
ගෙවුණු පැය විසි හතර තුළ දී පමණක් ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයන් 320 කට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව පැවසේ.
ඊශ්‍රායල හමුදා විසින් උතුරු ගාසා තීරයෙන් ඉවත්වන ලෙස පලස්තීන වැසියන්ට නිවේදනය කිරීමෙන් පසුව, එසේ ඉවත්වන පිරිස් වෙත ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර තිබේ.
එම ප්‍රහාරවලට ගොදුරු වූ වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන් ය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී තිබෙන මෙම ගැටුමට ඉරානය මැදිහත් වුවහොත්, නිසැක වශයෙන්ම, රුසියාව සහ චීනයද ඉරානයේ සහායට එක්වෙනු ඇති බව දේශපාලන විශ්ලේශකයෝ පවසති.
ඊට අමතරව, ඉරානය මෙම ගැටුමට මැදිහත් වුවහොත්, ඉන්දියාවටද, ඔවුන් දැනට සිටින ඊශ්‍රායලයට පක්ෂපාතී ස්ථාවරය වෙනස් කර ගැනීමට සිදුවනු ඇතැයි ඔවුන් පවසයි.