ගාසා තීරයේ සිදු කරන සංහාරයට විරෝධය..!
චිලී, කොලොම්බියා සහ බොලීවියා
ඊශ්‍රායලය සමග තානාපති සම්බන්ධතා අත්හරිති.
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ සිදු කරමින් සිටින මිනිස් සංහාරයට විරෝධය පෑමක් ලෙස, ලතින් ඇමරිකානු කලාපයට අයත් රටවල් තුනක නායකයෝ, ඔවුන්ගේ තානාපතිවරු, ඊශ්‍රායලයෙන් යළි කැදවීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ ඊශ්‍රායලයේ සිටින සිය තානාපතිවරු යළි කැදවීමට පියවර ගෙන ඇත්තේ, චිලිය, බොලීවියාව සහ කොලොම්බියාව යන රටවල් ය.
ඊශ්‍රායල හමුදා පලස්තීන ජාතිකයන්ට එරෙහිව දියත් කර තිබෙන ම්ලේච්ඡ යුද්ධය නොනවත්වන්නේම්, තමන්ට තව දුරටත් ඊශ්‍රායලයේ රැදී සිටිය නොහැකි බව කොලොම්බියානු ජනාධිපතිවරයා පවසා තිබේ.
ජාත්‍යන්තර මානුෂීය නීතීන් උල්ලංඝණය කරමින්, ඊශ්‍රායල හමුදා සිදු කරන ප්‍රහාර සිය රජය තරයේ හෙලා දකින බව චිලී ජනාධිපතිවරයා පවසා තිබේ.
පලස්තීනට එල්ල කරන ආක්‍රමණශීලී ප්‍රහාර හෙලා දැකීම සදහා සිය තානාපතිවරයා ඊශ්‍රායල භූමියෙන් කැදවන බව බොලීවියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.