“ගාසා තීරය දරුවන් මිහිදන් කළ සොහොන් පිටියක් බවට පත් වෙමින් තිබේ.” එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි.

0
165

“ගාසා තීරය
දරුවන් මිහිදන් කළ සොහොන් පිටියක්
බවට පත් වෙමින් තිබේ.”
එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි.

ඔක්තෝබර් හත්වන දා, හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග ආරම්භ වූ ගාසා තීරයේ ගැටුම්, මාසයක් තිස්සේ අඛණ්ඩව ඇවිලෙමින් තිබේ.

ගැටුම් ආරම්භ වී මාසයක් සපිරෙන අද දිනය වන විට, ගාසා තීරයේ පුරවැසියන් 10,022 ක් මියගොස් තිබේ. ඉන් 4, 104 ක් දරුවන් ය. බටහිර ඉවුරේ මරා දමා තිබෙන පිරිස 152 කි.

ගැටුම් හේතුවෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 1,400 කි.

මේ අතර, ඊයේ දිනයේ දී මාධ්‍ය හමුවක් අමතමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම්, අන්තෝනියෝ ගුටාරෙන් පැවසූවේ, ගාසා තීරය මේ වන විට ළමා සොහොන් පිටියක් බවට පත්වෙමින් තිබෙන බවයි.

සමස්ත අර්බුදය, මානූෂීය ආධාර ලබා දීම පිළිබදව අර්බුදයක් නොව, මනුෂ්‍යත්වය පිළිබදව අර්බුදයක් යැයි ඔහු තහවුරු කලේ ය.

ගෙවෙන සෑම දිනයක දී ම සිය ගණනක් පිරිමි සහ ගැහැණු දරුවන් මිය යමින් සිටින බව පැවසූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, වහාම ගාසා තීරය සදහා සටන් විරාමයක් අත්‍යවශ්‍යව ඇති බවද අවධාරණය කළේ ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මෙම ප්‍රකාශය ඊශ්‍රායල විදේශකටයුතු අමාත්‍යවරයා දැඩි ලෙස හෙලා දැක තිබුණි.

පසුගිය ඔක්තෝබර් හත්වන දා හමාස් සංවිධානය ඊශ්‍රායලට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයේ දී මාස නමයක දරුවෙක්ද ඇතුළුව දරුවන් තිස් දෙනෙකු මියගොස් ඇතැයි, ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට මහත් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =