ගාළුමුවදොර අරගල භූමිය
සැණකෙළි කලාපයක් බවට පත්කරයි.
ගෝඨා ගෝ ගම අරගල භූමිය පිහිටුවා තිබුණු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස කලාපය සංචාරක අමාත්‍යංශය මගින් නත්තල් සැමරුම වෙනුවෙන් සූදානම් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ දී අදාල කලාපය මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ.
මෙම විශේෂ නත්තල් කලාපය දෙසැම්බර් මාසයේ 23 වන දා දක්වා සෑම දිනකම රාත්‍රී 7.00 සිට 8.30 අතර කාලයේ විවෘතව පවතී.
විශේෂ කැරොල් සංදර්ශන සහ තවත් විශේෂාංග රැසකින් අදාල කලාපය අලංකාරවත් කර ඇති බව වාර්තා වේ.