“ගාළුමුවදොර වෙරළ තීරයට
මළසිරුරු පාවී ඒම සම්බන්ධයෙන්
පූර්ණ පරීක්ෂණයක් අවශ්‍යයි.”
නීතීඥ සංගම පොලිස්පතිට කියයි.
පසුගිය කාලය තුළ සිද්ධ වූ වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීමේ සිදු වීම් සහ ගාළු මුවදොර මුහුදු වෙරළට පුද්ගල මළ සිරුර ගොඩ ගැසීමේ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගම පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
වෙරළට පාවී ආ මළ සිරුරු පිළිබදව බළධාරීන් මේ දක්වා කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති අතර, මේ නිසාම මහජනතාව තුළ විශාල භීතයක් නිර්මාණය වී තිබේ.