“ගාළු කොටුවේ ගෝටා ගෝ හෝම් විරෝධතාකරුවන් විසුරුවා හැරියේ පිතිකරුවන්ට බාධාවන නිසා..!” යුද හමුදාව කියයි.

0
61

ඊයේ දිනයේ දී ගාළු කොටු බැම්ම උඩ පැවති ගෝටා ගෝ හෝම් විරෝධතාව විසුරුවා හැරීම සදහා හමුදාව මැදිහත් වූවේ, එම විරෝධතාවය හේතුවෙන්, ශ්‍රී ලංකා ඕස්ටේ්‍රලියා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ දී පිතිකරණයේ නිරතව සිටි පිතිකරුවන්ට එම විරෝධතාවයෙන් බාධාවන නිසා යැයි, හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ද මොර්නිං වෙබ් අඩවිය සමගයි.

විරෝධතාකරුවන් විරෝධතාපුවරු ඔසවාගෙන සිටි බවත්, එම විරෝධතා පුවරු නිසා පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වීමේ අවධානමක් තිබුණු බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. විරෝධතාකරුවන් ඉවත් නොකර, විරෝධතා පුවරු පමණක් ඉවත් කිරීමට කටයුතු කළේ ඒ නිසා යැයි ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, ගෝඨා ගෝ හෝම් විරෝධතාවයේ දර්ශන කැමරාවට හසුකර නොගන්නා ලෙස, ටෙස්ට් තරගයේ විකාශන කටයුතු සිදු කළ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබුණු බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + three =