ගෑස් මිල ඉහළට.
කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය
රුපියල් 343 කින් වැඩි වෙයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ යන අතර, එම බර පන්තියේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3470 කි.
කිලෝ ග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137 කින් ඉහළ යන අතර, එම බර පන්තියේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1393 කි.
කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63 කින් ඉහළ යන අතර, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 650 කි.