ගියවසරට සාපේක්ෂව මේ වසරේ
ආහාර උද්ධමනය 90.9%කින් ඉහළට.
ගියවසරට සාපේක්ෂව මේ වසරේ ආහාර උද්ධමනය 90.9% කින් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන් පෙන්නුම් කරයි.
සමස්ත උද්ධමනය ජූලි මාසයේ දී 60.8% කින් ඉහළ ගොස් ඇති අතර, එය එදා මෙදා තුර වාර්තා වී ඇති ඉහළම අගයයි.
ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ, කොළඹ ජීවත් වන පවුලක් ආහාර සදහා වැය කළ යුතු මුදල රුපියල් 5999.89 කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව ගත් විට මේ වසරේ පවුලක වියදම රුපියල් 27,588.01 කින් ඉහළ ගොස් ඇති බව පැවසේ.