‘ගුරුතුමියට එරෙහිව
විනය පරීක්ෂණ තියන්ඩ
ඉඩ දෙන්නෑ..!’
ගුරුසංගම් අවධාරණය කරයි.
ලෝක ළමා දිනය දා පාසල් දරුවන් ද සමගින් නර්තනයෙහි යෙදුණු ගුරුවරියකට එරෙහිව අධ්‍යාපන බලධාරීන් විසින් විනය පියවර ගැනීමට සූදානම් වන බවත් එවැන්නක් සිදුවුවහොත් සමස්ත ගුරු ප්‍රජාවම සමග එක් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට පසුබට නොවන බව ගුරු සංගම් අවධාරණය කරයි.
සිය නර්තනය හේතුවෙන් බලධාරීන්ගේ උදහසට ලක්ව සිටින්නේ මීගමුව අධ්‍යාපන කලාපයට අයත් කදිරාන කණිෂ්ඨයේ ගුරුවරියකි.
ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය යන ප්‍රබලතම ගුරු සංගම් දෙක ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටියි.
මෙවැනි ඉතා සුළු සිද්ධියක් සම්බන්ධයෙන් කලබල වී සිටින අධ්‍යාපන බලධාරීන් ගුරු විදුහල්පතිවරුන්ට එරෙහිව දේශපාලනඥයන්ගේ මැර තර්ජන එල්ල වන අවස්ථාවලදී නිහඩව සිටින බවද ගුරු සංගම් චෝදනා කරයි.