‘ගුරුවරියෝ
වැටුපෙන් 15%ක්
සාරි වෙනුවෙන්
වියදම් කරති.’
සමීක්ෂණයකින් හෙළි වෙයි.
ගුරුවරියන් ඔවුන්ට ලැබෙන වැටුපෙන් 15%ක ප්‍රතිශතයක් සාරි වෙනුවෙන් වැය කරන බව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ජපාන විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යාවක් විසින් අදාල සමීක්ෂණය සිදුකර තිබෙන බව පුවත්පත පවසයි.
සාරිය යනු හුදු යාර හයක රෙද්දක් නොවන බව පවසා ඇති සමීක්ෂණය සිදුකරන ලද ශිෂ්‍යාව සාරිය සමග සාරි ජැකට්ටුව – ලයිනින් – යට සාය – මැහුම් කුලී සහ සාරියට ගැලපෙන පාවහන් වෙනුවෙන් ද ගුරුවරිය ගෙවිය යුතුව ඇති බව පවසයි.