‘ගෙනල්ලා තියෙන්නේ වැරදි බොරතෙල් වර්ගයක්..! ගෙනාව අයටම බොන්ඩ තමයි වෙන්නේ…!’ ජනක රත්නායක.

0
591

‘ගෙනල්ලා තියෙන්නේ වැරදි බොරතෙල් වර්ගයක්..!
ගෙනාව අයටම බොන්ඩ තමයි වෙන්නේ…!’
ජනක රත්නායක.


‘ඒ කතාවට නඩු දානවා..!’
ඇමති කාන්චන.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් භාවිතයට ගත නොහැකි නුසුදුසු බොරතෙල් වර්ගයක් ආනයනය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ගෙන්වා ඇති මෙම බොරතෙල් තොගයේ විදුලිය නිෂ්පාදනය සදහා භාවිතා කළ නොහැකි මට්ටමකට සල්ෆර් අඩංගු බවයි ඔහු පවසන්නේ.

මෙම බොරතෙල් තොගයෙන් ගතහැකි වෙනත් ප්‍රයෝජනයක් නැති නිසා එම බොරතෙල් ගෙන්වූ අයට ම ඒවා බොන්න දීම වඩාත් සුදුසු බැයි ඒ මහතා උපහාසාත්මකව පවසා තිබේ.

විදුලිය කප්පාදුව ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇත්තේ මේ හේතුව නිසා යැයි ද ඔහු පවසයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ඉහත ප්‍රකාශය හෙලා කමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර ට්වීටර් පණිවිඩක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. සංස්ථාව භාවිතයට නුසුදුසු බොරතෙල් තොගයක් ආනයනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.

විදුලිකප්පාදුව දීර්ඝ කරන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ ජනක රත්නායක මහතා සදහන් කරන හේතුව මත නොව; ලක්ෂපාන බලාගාරය බිද වැටීම සහ ඩීසල් බලාගාර සදහා අවශ්‍ය ඩීසල් මිලදී ගැනීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම නිසා බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =