ගෙවුණු වසරේ සංචාරක පැමිණීම්
ලක්ෂ හත සීමාව ඉක්මවා යයි.
2022 වසරේ ජනවාරි පළමුවැනි දා සිට දෙසැම්බර් 27 වන දා දක්වා කාලය තුළ මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් ගණන 705,385 කි.
දෙසැම්බර් මාසයේ පළමුවැනි දා සිට දෙසැම්බර් මාසයේ 27 වන දා දක්වා කාලය තුළ පැමිණ තිබෙන සංචාරකයන් ගණන 77,368 කි.
මේ වසර තුළ වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
ඉන්දියාවෙන් පැමිණ තිබෙන සංචාරකයන් ගණන 120,304 කි.
දෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
2022 වසර අවසන් වන විට සංචාරකයන් මිලියනක් ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කලද එම ඉලක්කය සපුරා ගැනීමට රජයට නොහැකි විය.
කෙසේ වෙතත් 2023 වසරේ දී සංචාරකයන් මිලියන 1.5 ක ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසා තිබේ.