ගෙවුණු වසර හතරේ මත්තල පාඩුව රුපියල් කෝටි දෙදහසයි..!

0
123

ගෙවුණු වසර හතරේ
මත්තල පාඩුව රුපියල් කෝටි දෙදහසයි..!

2017 වසරේ සිට 2021 දක්වා වූ වසර හතරක කාලය තුළ මත්තල ගුවන් තොටුපලේ ශුද්ධ අලාභය රුපියල් කෝටි දෙදහස ඉක්මවන බව විගණන වාර්තාවකින් හෙළි වන්නේ යැයි, අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීම සදහා රුපියල් කෝටි 3656 ක මුදලක් වැය කර තිබෙන අතර එම මුදල ඵලදායී ලෙස උපයෝගී කරගෙන නැති බව ද අදාල විගණන වාර්තාවෙන් හෙළිවන බව පැවසේ.

පසුගිය වසරේ (2021) පමණක් මත්තල ගුවන් තොටුපලේ ශුද්ධ අලාභය රුපියල් කෝටි 400 ඉක්මවයි.

වසරකට මගීන් ලක්ෂ දහයක පමණ මගී ධාරිතාවක් මත්තල ගුවන් තොටුපලෙන් අපේක්ෂා කළද, පසුගිය වසර පහටම මත්තල භාවිතා කර ඇති මගීන් සංඛ්‍යාව 91,747 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =