ගෝඨාගෝගමට පහර දීම; මහින්දට සහ නාමල්ට නොතීසි නිකුත් කරයි.

0
154

ගෝඨාගෝගමට පහර දීම.
මහින්දට සහ නාමල්ට නොතීසි නිකුත් කරයි.

පසුගිය මැයි නම වන දා අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් නිරායුධ ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා දෙසැම්බර් මාසයේ 22 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ප්‍රසන්න රණතුංග යන අයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ.

ගෝඨා ගෝ ගම විරෝධතාවය හා සම්බන්ධව සිටි විරෝධතාකරුවන් පස් දෙනෙකු විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නොතීසි නිකුත් කිරීම සිදුකර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + seven =