“ගෝඨාභයගේ කැබිනට්ටුවේ සිටි
අපකීර්තිමත් ඉතිහාසයක් සහිත කිසිවකුට
සර්ව පාක්ෂික රජයක ඇමති ධූර නොදිය යුතුයි.”
ශ‍්‍රීලනිපය ජනපතිගෙන් ඉල්ලයි.
ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, සර්ව පාක්ෂික රජයක් ගොඩ නැගීම පිළිබදව පැවති සාකච්ඡුා සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලනිපය අතර පැවති එම සාකච්ඡුාවේ දී ගොඩ නැගීමට නියමිත සර්වපාක්ෂික රජයේ කිසිදු අමාත්‍ය ධූරයක්, ගෝඨාය රාජපක්ෂ රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි, චෝදනා එල්ල වී තිබෙන අපකීර්තිමත් ඉතිහාසයක් ඇති කිසිවකුට නොදිය යුතු ය යන දැඩි ස්ථාවරය තම පක්ෂය ජනාධිපතිවරයා අවධාරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.