ගෝඨාභයට මන්ත්‍රී අසුන පූජා කිරීමට
සීතා සූදානම්…!
මේ වන විට දිවයිනට පැමිණ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට අදහස් කරන්නේ නම් ඔහුට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පූජා කිරීමට තමන් සූදානම් බව හිටපු ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය පවසා තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා එවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව නැති බවද ඇය පවසා ඇතැයි මේ බව වාර්තා කර තිබෙන සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.