“ගෝඨාභයට සිංගප්පූරුවේ දී කිසිදු වරප‍්‍රසාදයක් හෝ මුක්තියක් හිමි නොවේ…!” සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා කියයි.

0
201

“ගෝඨාභයට සිංගප්පූරුවේ දී
කිසිදු වරප‍්‍රසාදයක් හෝ මුක්තියක්
හිමි නොවේ…!”
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා
කියයි.


ජනතා අරගලයකින් නෙරපා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, සිංගප්පූරුවේ දී කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ මුක්තියක් හෝ හිමි නොවන බව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

සිංගප්පූරුව, හිටපු රාජ්‍ය නායකයන්ට විශේෂ වරප‍්‍රසාද හෝ මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබා නොදෙන බවත්, ඒ පදනම මත පිහිටා ගෝඨාභය රාජපක්ෂ මහතාටද කිසිදු වරප‍්‍රසාදයක් – මුක්තියක් හෝ විශේෂ ආගන්තුක සත්කාරයක් හිමි නොවන බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක‍්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 3 =