ගෝඨාභය අගමැතිධූරය ඉල්ලනවාද..?
සාගල උත්තර දෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට යළි දිවයිනට පැමිණ තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයීම රජයේ වගකීමකි. ඔහුට ලබා දෙන ආරක්ෂාවට ඔහුට එරෙහිව පවතින නඩුවලින් ඔහුව රැක ගැනීමත් අඩංගුදැයි මාධ්‍යවේදියෙකු සාගල රත්නායක මහතාගෙන් ඇසූ විට ඔහු පවසන්නේ කිසිසේත්ම එය එසේ නොවන බවයි.
ඒ නමුත් මේ රටේ පුරවැසියෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාට මේ රටට යළි පැමිණීමේ අයිතියත් ආරෂිතව මේ රට තුළ ජීවත් වීමේ අයිතියත් ඇති බව ඔහු පවසයි.
හිටපු ජනාධිපතිවරයා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් එසේ ගෙනැවිත් ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලෙසත් පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන්ගෙන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ලවන බවට ඇති වාර්තා සත්‍යයදැයි ඇසු විට සාගල රත්නායක පවසා ඇත්තේ මේ දක්වා එවැනි දෙයක් සාකච්ඡා වී නැති බවයි.
එසේම යළි දේශපාලනයට පිවිසීමේ අදහසක් හිටපු ජනාධිපතිවරයාට ඇතැයි තමන් නොසිතන බවද සාගල රත්නායක මහතා පවසයි.
ඒ නමුත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අදහස් දැක්වීමේ අයිතියක් තමන්ට නැති බව පවසන සාගල රත්නායක මහතා හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි සැලසුම් පිළිබදව ඔහු විසින්ම හෙළි කළ යුතුව ඇති බවද පවසයි.