ගෝඨාභය පෙට්ටගමේ දාගෙන හිටිය
ජනාධිපති අරමුදල රනිල් එළියට ගනියි.
සාමාන්‍ය පෙළ සමත් සිසුන් 2970 දෙදෙනෙකුට
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව.
ශල්‍යකර්ම ද ඇතුළුව අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සදහා අරමුදල් අවශ්‍ය පුද්ගලයන් වෙත මුදල් ආධාර ලබා දීමේ අරමුණ ඇතිව පිහිටුවා තිබෙන ජනාධිපති අරමුදලේ මුදල් ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ දෙවසර තුළ උදව් ඇවැසි කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දී නැති බව මීට පෙර වාර්තා විය.
ජනාධිපති අරමුදල සතුව රුපියල් බිලියන හතරක පමණ මුදල් ප්‍රමාණයක් ඇති බව පැවසේ.
ගෝඨාභය පාලන සමයේ දී පුද්ගලයන් හත් දහසක් පමණ එම අරමුදලෙන් මුදල් ඉල්ලා ඇති නමුත් ඔවුන් කිසිවෙකුට කිසිදු මුදලක් ලබා දී නොතිබුණු බව ජූලි 31 සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත එම අරමුදල ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව උසස් පෙළ සදහා සුදුසුකම් ලැබූ සාමාන්‍ය පෙළ සමත් දරුවන් 2970 දෙනෙකුට මසකර රුපියල් පන්දහස බැගින් අවුරුදු දෙකක් යනතුරු මුදල් ආධාර ලබා දීමට ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කර තිබෙන බව පැවසේ.