ගෝඨා අත්හැර දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපානය සමඟ සාකච්ඡා යළි අරඹයි.

0
876

ගෝඨා අත්හැර දැමූ
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
යළි ආරම්භ කිරීමට
ජපානය සමඟ සාකච්ඡා යළි අරඹයි.

ගෝඨාභය රාජපක්ෂ සමයේ දී අත්හැර දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ජපාන ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබුණු ව්‍යාපෘති 12 ක් යළි ආරම්භ කිරීම සදහා ජපාපනය සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එළැඹෙන විස් හත් වන දා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.

එම සංචාරයේ දී අදාල කරුණ පිළිබදව ජපානයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ විෂයභාර අමාත්‍යවරු සමග මේ පිළිබදවස සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව පැවසේ.

ජපාන සංචාරයේ දී කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබදවත් එල්.එන්.ජී ව්‍යාපෘතිය පිළිබදවත් සාකච්ඡා කිරීමට නියමිත ය.

ජපානය ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකි. මෙරට සමස්ත බහු පාර්ශ්වික සහ ද්වීපාර්වික ණය ආධාර ප්‍රවාහයෙන් 14% ක් සපයා ඇත්තේ ජපානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =