‘ගෝඨා ගියා – සුද්දෝ ආවා..!
ආයෙත් උද්ඝෝෂණ පටන් ගත්තොත්
තවදුරටත් සුද්දෝ නොඒවි..!’
සංචාරක හෝටල්කරුවන්ගේ සංගමය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බලකරමින් පැවති විරෝධතා උත්සන්න වීමත් සමග බොහෝ යුරෝපීය රටවල් සිය පුරවැසියන්ට මෙරට සංචාරය කිරම අධෛර්යමත් කර තිබුණු අතර ගෝඨාභය ඉවත් වී රට නැවත යම් ස්ථාවර තත්ත්වයකට පත් වීමෙන් පසුව ඔවුන් එසේ පනවා තිබුණු සංචාරක සීමාවන්ද ඉවත් කරගත්තේ ය.
ඒ අනුව මෑතක සිට කර්මාන්තයේ යම් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා හෝටල් සංගමය පවසයි.
එසේ තිබියදී නැවතත් රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට පියවර ගතහොත් එය සංචාරක කර්මාන්තයට තව දුරටත් දරාගත නොහැකි තත්ත්වයක් උදා කරනු ඇතැයි ඔවුන් අනරු අගවයි.
පසුගිය අවස්ථාවේ මෙරටට එරෙහිව සංචාරක සීමාවන් පැනවීමත් සමඟ ක්ෂේත්‍රයට සම්බන්ධ තරගකාරී රටවලට එම වාසිය අත් වුණු බවද එම සංගමය පවසයි.
නොවැම්බර් මාසයේ මුල් සතියේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරය එක්ව කටයුතු කරමින් සිටින අවස්ථාවක එම සංගමය මේ බව පවසා තිබේ.