‘ගෝඨා නැවත එනවා. අවශ්‍ය පහසුකම් ලබා දෙන්න.’ බැසිල් ජනපති රනිල්ගෙන් ඉල්ලයි.

0
235

‘ගෝඨා නැවත එනවා.
අවශ්‍ය පහසුකම් ලබා දෙන්න.’
බැසිල් ජනපති රනිල්ගෙන් ඉල්ලයි.


නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දිවයිනට පැමිණීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස පොහොට්ටු පක්ෂයේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ පැවති හමුවක ඔහු මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

රට ගොඩ නැගීම සදහා ජනාධිපතිවරයා ගනු ලබන සෑම පියවරකටම පොහොට්ටු පක්ෂයේ සහාය ලැබෙන බවටද බැසිල් සහතික වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + one =