පලාගිය ගෝඨාභයට විශ්‍රාම වැටුප ඇතුළු
සියළු වරප්‍රසාද ලබා දෙයි.
ගෝඨා පලාගිය දවසේ
ජනාධිපති මන්දිරයේ පියානෝව වාදනය කළ
පොලිස් නිළධාරියා සේවයෙන් නෙරපයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ජනාධිපති මන්දිරයෙන් පලා ගිය දවසේ, අරගලකරුකරුවන් වෙනුවෙන්, ජනාධිපති මන්දිරයේ පියානෝව වාදනය කළ පොලිස් නිළධාරියා, විනය පරීක්ෂණයක් පවත්වා සේවයෙන් නෙරපා දමා ඇති බව වාර්තා වේ.
අදාල පොලිස් නිළධාරියා ආර්.එම්.ඩී දයාරත්න නමැති අයෙකි. ඔහු පොලිස් කොස්තාපල් වරයෙකි.
අරගලකරුවන්, ජනාධිපති මන්දිරයට කඩා වැදුණු දවසේ, මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් එකී පොලිස් නිළධාරියා සේවයේ යොදවා සිටි බව පොලිසිය පවසයි.