ගෝඨා යුගයේ වැඩ…!
ආගමික නායකයන් 140 කට
වාහනයක් ද සමගින් මාසයකට
ඉන්ධන ලීටර් 250 ක් නොමිලේ…!
නව රජය ඉන්ධන දීමනාව අත්හිටුවයි.
පසුගිය රජය සමයේ ආගමික නායකයන් 140 දෙනෙකුට මසකට ඉන්ධන ලීටර් 250 බැගින් නොමිලයේ ලබා දී ඇති බව වාර්තා වේ. මෙසේ නොමිලයේ ලබා දුන් ඉන්ධන දීමනාව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඉන්ධනවලට අමතරව මේ සියලු ආගමික නායකයන්ට ලිඛිත පැවරීමකින් තොරව වාහනද ලබා දී ඇති අතඑ එම වාහන යළි පවරා ගැනීමක් පිළිබදව නව රජය මෙතෙක් තීරණයක් ගෙන නැති බව පැවසේ.
රජයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.
නොමිලයේ වාහන හෝ ඉන්ධන ලබා ගත් ආගමික පූජකයන්ගේ නාම ලේඛනය හෙළි කර නොමැති අතර කෙසේ වෙතත් ආගමික පූජකයන් 140 දෙනෙක-ු මෙම වරප්‍රසාදය නොමිලයේ භුක්ති විද ඇති බව පැවසේ.