ගෝල් ෆේස් අරගලයට සහාය වූ ස්කොට්ලන්ත ජාතික තරුණිය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය රජය මැදිහත් වෙයි.

0
3442

ගෝල් ෆේස් අරගලයට සහාය වූ
ස්කොට්ලන්ත ජාතික තරුණිය වෙනුවෙන්
බි‍්‍රතාන්‍ය රජය මැදිහත් වෙයි.

ශ‍්‍රී ලංකාවේ ආගමන විගමන නිළධාරීන් විසින් ගමන් බලපත‍්‍රය සිය භාරයට ගෙන තිබෙන Kayleigh Fraser නම් ස්කොට්ලන්ත ජාතික තරුණිය වෙනුවෙන් බි‍්‍රතාත්‍ය රජය මැදිහත් වීමට තීරණය කර තිබෙන වාර්තා වේ.

මෙරටට පැමිණීමට ලබා දී තිබෙන වීසා බලපත‍්‍ර උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින්, ලංකාවේ ආගමන විගමන නිළධාරීන් විසින්, නම් තරුණියගේ ගුවන් ගමන් බලපත‍්‍රය ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.

ස්කොට්ලන්ත ජාතික මෙම තරුණිය ගාළු මුවදොර පැවති ගෝඨා ගෝ ගම අරගලය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

අදාල තරුණියගේ ජීවිතාරක්ෂාව සහ ඇගේ මානව හිමිකම් සුරක්ෂා කිරීම සම්බන්ධයෙන්, ස්කොට්ලන්ත රජය සමග කටයුතු කරන බව කම්කරු පක්ෂ මන්ත‍්‍රීනියක් වන ඞීනා තිසේරා පවසා තිබේ.

ලංකාවේ මහජන නැගිටීම් පිළිබදවත්, ලංකා රජය හදිසි නීතිය යොදා ගනිමින් සිදු කරන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබදවත් ලෝකය දැනුම් වත් කිරීමේ කාර්යයෙහි Kayleigh Fraser නම් තරුණිය කි‍්‍රයා කර ඇති බව ඞීනා තිසේරා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 7 =