ගෞරවය කෙළසා ගත් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි..!

0
800

ගෞරවය කෙළසා ගත්
ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සපයා දී තිබුණු
ආරක්ෂිත වාහනයේ නොයා,
ක්‍රීඩකයෝ ඔවුන්ගේම වාහනවල නැගී
නිවෙස් කරා යති..!


තරග නමයකට සහභාගී වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර, ලෝක කුසලාන තරගාවලියේ දී අපකීර්තිමත් තත්ත්වයකට පත් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද හිමිදිරියේ දිවයිනට පැමිණි බව මාධ්‍ය වාර්තා කරයි.

ගුවන්තොටුපල තුළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර කර තිබුණු බවත්, ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටි බවත් පැවසේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සපයා දී තිබුණු ආරක්ෂිත වාහනයට ගොඩ නොවුණු ක්‍රීඩකයයන්, ඔවුන්ගේ පෞද්ගලික වාහනවල නැගී නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =