ඝාතකයන් නිදැල්ලේ.
ජනවාරි 08 වන දාට
ලසන්ත ඝාතනය කර
වසර 14 ක්.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර මේ අටවන දාට වසර 14 ක් සපිරේ.
එදින පෙරවරු නමයට ලසන්ත මිහිදන් කර තිබෙන බොරැල්ල කනත්තට පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් එක්රැස්වීමට නියමිත ය.
2009 ජනවාරි 08 වන ද යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර තිබුණි.
ලසන්ත ඝාතනය කර වසර 14 ක් සපිරුනද මේ දක්වා ඔහුට යුක්තිය ඉටු වී නැත. ඝාතකයන් තවමත් නිදැල්ලේ ය.