ඝාතනය වූ ඇමති මාමණ්ඩියට
පාතාල සම්බන්ධතා…!
ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක් බවට සැකයක්.
ඇමති මාමණ්ඩිය මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ පුද්ගලයෙක්.
පසුගිය දා ඝාතනයට ලක් වූ, රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩිය වන, ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා, පාතාල සම්බන්ධතා ඇති පුද්ගලයෙක් බව පැවසේ.
ඔහු, රත්ගම විදුර යනුවෙන් හදුන්වන පාතාල කල්ලි නායකයා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර, රත්ගම විදුර, තවත් පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකි.
ඒ අනුව, රාජ්‍ය ඇමතිවරයාගේ මාමණ්ඩිය වන ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ ඝාතනය කොස්ගොඩ සුජීගේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද්දදක් බවට සැක කරයි.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වන වසන්ත ලලිත් මෙන්ඩිස් මහතා, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කටඋත්තර ලබා දුන් අයෙකු බවද මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මාමණ්ඩිය වන ලලිත් මෙන්ඩිස් මහතා, ගාල්ල නගරයේ පිහිටි විශාලතම රෙදි පිළි අලෙවි සැලේ හිමිකරු ය.