චාර්ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම
ජනාධිපති භාරගෙන නැතිලු…!
මැතිවරණ කොමිසමේ එක් සාමාජිකාවක වූ පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන නැති බව, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය විසිපස් වන දා පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වූ බවට වන ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත වාර්තා වූ අතර ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන බවද වාර්තා විය.
කෙසේ වෙතත් එම ලිපියේ පිටපතක් තමන්ට නොලැබුණු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඊයේ කැදවා තිබුණු මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කලේ ය.