චාල්ස් මහත්මිය ඉල්ලා අස්වූවේ ජනපතිගෙන් එල්ල වූ බලපෑම් නිසාවෙන්..? මැතිවරණ නිරීක්ෂක – මංජුල ගජනායක –

0
178

චාල්ස් මහත්මිය ඉල්ලා අස්වූවේ
ජනපතිගෙන් එල්ල වූ බලපෑම් නිසාවෙන්..?
මැතිවරණ නිරීක්ෂක – මංජුල ගජනායක –


මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන චාල්ස් මහත්මිය එම කොමිසමෙන් ඉල්ලා අස්වූ බවට වූ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය එළියට ආවේ පසුගිය 25 වන දා රාත්‍රියේ දී ය.

ඇය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දී ඇති බවත් ඈ අනුව යමින් කොමිසමේ අනෙකුත් සාමාජිකයන්ද ඉල්ලා අස්වනු ඇති බවත් පසුව වාර්තා විය.

කෙසේ වෙතත් ඊයේ දිනය වන විටත් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට යොමු කළ බව පැවසෙන සිය ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපතක් මැතිවරණ කොමිසමට ලැබී නොතිබුණි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබුණේ චාර්ල්ස් මහත්මිය 25 වන දා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වූ බව මාධ්‍ය මගින් වාර්තා වුවද ඇය 24 වන දා මැතිවරණ කොමිසම කැදවූ සාකච්ඡාවක් සදහාද සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ බවයි. එපමණක් නොව; එම සාකච්ඡාවේ දී ඇය ඉතා වැදගත් කරුණු කිහිපයක් මතු කරමින් සාකච්ඡාව සාර්ථක කර ගැනීම සදහා දායක වූ බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැවසී ය.

ඒ අනුව ඇගේ ඉල්ලා අස්වීම කිසියම් භාහිර බලපෑමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අනුමාන කරන බව පෙනී ගියේ ය.

මේ අතර ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා ලක් එෆ්.එම් ගුවන්විදුලිය හා එක්වෙමින් පවසා සිටියේ චාර්ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ඇයට එල්ල වී තිබෙන බලපෑම් හේතුවෙන් සිදුව ඇති බවට දැනගන්නට ඇති බවයි.

මෙම බලපෑම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එල්ල වී ඇති බවත් තමන්ට එම තොරතුරු ලැබුණු මූලාශ්‍ර හෙළි කළ නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + three =