‘චීනයේ සහතිකය නැතිව වුවත්
ලංකාවට ණය දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සූදානම්…!’
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය චීන සහාය නොලැබුනද, ඩොලර් බිලියන 2.9 ක ණය සහනය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවදානය යොමු වී ඇති බව බ්ලූම්බර්ග් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර සිටියි.
මේ ආකාරයට ණය ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාම කලාතුරකින් භාවිතා කරන ක්‍රමෝපායක් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ දිනයේ දී හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතද මේ පිළිබදව සටහන් කර තිබුණු අතර ඔවුන් වැඩි දුරටත් පවසා තිබුණේ චීනයේ අනුමැතිය නොලැබෙන තත්ත්වයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වූ ණය පහසුකම ලංකාවට ලබා දෙන්නේ නම්, ඔවුන් ඒ සදහා ඉදිරිපත් කරන කොන්දේසි තවත් බරපතල විය හැකි බවයි.
කෙසේ වෙතත් මෙම නව යෝජනාව ඉදිරිපත් වී තිබෙන්නේ විශේෂ තත්ත්වයක් යටතේ ය.
එනම්, ජී විස්ස කණ්ඩායමේ රටවල මූල්‍ය සමුළුවකට සහභාගී වීම සදහා එක්සත් ජනපද මහා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලේන් ලබන සතියේ දී ඉන්දියාවට පැමිණීමටත්, එකී සමුළුවේ දී, චීනයෙන් ණය ගෙන අමාරුවේ වැටී සිටින රාජ්‍යයන් හී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා චීනය අවශ්‍ය සහාය ලබා නොදීම පිළිබදව සාකච්ඡා කිරීමටත් නියමිත තත්ත්වයක් යටතේ ය.