චීනයේ සහායත් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවතත් කියයි.

0
178

චීනයේ සහායත් අවශ්‍ය බව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
නැවතත් කියයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සදහා චීනය ද ඇතුළුව සියළු පාර්ශ්වයන්ගේ සහාය ලංකාව ලබා ගනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

දැනටමත් ඉන්දියාව සහ පැරිස් සමාජය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔුවන්ගේ පූර්ණ අනුමැතිය ලබා දී තිබේ.

නමුත් ප්‍රශ්නය තිබෙන්නේ චීනයෙනි.

චීනය දැනටඑකගව තිබෙන්නේ ණය වාරික සහ පොලී ගෙවීමට අදාලව වසර දෙකක සහන කාලයක් ලංකාවට ලබා දීමට පමණි.

ලංකාවට ලබා දීමට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල මුදා හැරීම සදහා චීනයේ එම එකගතාවය ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පසුගිය දිනෙක වාර්තා වූවේ චීනයේ අනුමැතිය නොලැබුනද ලංකාව වෙනුවෙන් අනුමත කර තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල මුදා හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇති බවයි.

මේ පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාප ප්‍රධානී ශ්‍රී නිවාසන් මහතාගෙන් විමසූ විට ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත පළ කර තිබෙන වාර්තාව පහත ප්‍රවෘත්තියට අදාල කොමෙන්ටුවට එක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − ten =