‘චීනය තමයි ප්‍රශ්නය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දෙසැම්බර් නොවේ මාර්තුවේ..!’ ජාත්‍යන්තර මාධ්‍යය.

0
513

චීනය තමයි ප්‍රශ්නය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය
දෙසැම්බර් නොවේ මාර්තුවේ..!
ජාත්‍යන්තර මාධ්‍යය.

මේ වසරේ දෙසැම්බර් අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී තිබෙන ණය පහසුකම් ලබා ගත හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු තබා සිටිය ද බොහෝ දුරට ණය ලැබීම එළැඹෙන මාසයේ මාර්තු දක්වා කල් යනු ඇතැයි හිංදුස්ථාන් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් අද ද මෝර්නිං පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.

ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා සදහා චීනය ප්‍රමාණවත් තරම් කාලයක් ලබා නොදීම මීට ප්‍රධාන හේතුව බවද පුවත්පත පවසයි.

චීනය, කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුවට වැඩි අවධානය යොමු කර තිබෙන බැවින් ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබදව අවධානය යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කර නැති බව පැවසේ.

පසුගිය දා තේ කර්මාන්ත කරුවන්ගේ 32 වන වාර්ෂික සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ බව පවසා ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු පවසා ඇත්තේ දෙසැම්බර් මාසයේ ණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් අනෙක් සියළු කටයුතු පසුපසට දමමින් කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුව වෙනුවෙන් චීනය යුහුසුළු වෙමින් පවතින බැවින් යම් අවිනිශ්චිත තාවයක් නිර්මාණය වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 8 =